පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට ගැලවීමට ඉඩක් නෑ / ජනපති , අගමැති කියයි

2019 වසරේ එල්ල වූ පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

නැවත එවැනි ඛේදවාචකවලට කිසිදු අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව ද ජනාධිපතිවරයා සදහන් කළා.

මේ අතර කිතුණු ජනතාව බලාපොරොත්තු වන පරිදි අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරික්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක බවයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ප්‍රහාරයට වගකියුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර ඇති බවයි.

අප්‍රේල් 21 ප්‍රහාරය එදා මෙන්ම අදත් තරයේ හෙළා දකින බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

පුවත යවන්න