ඉන්දියානු ඔත්තු සේවා විසින් 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳව නිශ්චිත තොරතුරු අවස්ථා තුනකදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවාවට ලබාදුන්නේ ඉන්දියානු පළාත් බුද්ධි අංශයක් නිර්මාණය කළ ‘අබුහින්ද්’ නම් ඔත්තුකරුවකු යොදවා සහරාන් හෂීම් සම්බන්ධ කර ගැනීමෙන් බව පාස්කු විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.
‘අබුහින්ද්’ නමින් පෙනී සිටි බුද්ධි අංශ ක්‍රියාකාරිකයා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඉන්දියානු කලාපීය නායකයා ලෙස පෙනී සිටිමින් තවුහිද් ජමාත් කණ්ඩායම මුළාකර මෙම තොරතුරු ලබාගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාට 2019 අප්‍රේල් 4, 20 සහ 21 යන දිනවල ලැබුණු නිශ්චිත තොරතුරු ඉහත මූලාශ්‍රය ඔස්සේ ලැබී තිබූ අතර ඒවායේ විශ්වසනීයභාවය පසුව තහවුරු වී ඇත.
‘අබුහින්ද්’ ඉස්ලාමීය රාජ්‍ය කලාපීය නියෝජිතයා බව සහරාන් විශ්වාස කළ බවත් සහරාන් සහ ඔහුගේ සහෝදරයා සමඟද නවුෆර් මවුලවි සමඟද ‘අබුහින්ද්’ අන්තර්ජාලය ඔස්සේ නිතර කතා කළ බව සහරාන්ගේ බිරිය කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත.
2019 අප්‍රේල් 21 උදෑසන කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් පසු ඒ අසල නවතා තිබූ පුපුරණ ද්‍රව්‍ය රැගත් වාහනය පිළිබඳ බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබී තිබුණේද ඉන්දීය බුද්ධි අංශ මඟින් බව කොමිසම හෙළි කරගෙන ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාට සිය ඉන්දියානු බුද්ධි සගයා විසින් සපයන ලද බුද්ධි තොරතුරු විශ්වසනීය හා නිවැරැදි වූ අතර ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දැනුවත් කිරීමේ හැකියාව තිබිණි.
එය එසේ වී නම් සිදුවූ මහ විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවද පාස්කු විමර්ශන කොමිසම අවධාරණය කරයි.
උදේනි සමන් කුමාර