පාස්කු ප්‍රහාර කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමගින් පිටු දහස් ගණනකින් යුත් දීර්ඝ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කොට කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ සකස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කළා.

පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් පසුගිය යහපාලන රජයේ කැබිනට් සාමාජිකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගණනාවකට අපරාධ චෝදනා එල්ල කර තිබුණා.

කොමිෂන් සභා වාර්තාව ලබා දී තිබෙන නිර්දේශ නීතිපතිවරයා මගින් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කිරීමට නියමිතයි.

2019 අප්‍රේල් 21දා සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයන් 269 දෙනෙක් ඝාතනය වී තවත් 500ක පමණ පිරිසක් තුවාල ලැබුවා.

ඉන්පසු මේ සිද්ධිය ගැන විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන කොමිසම පත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා එහි සභාපතිත්වය දැරුවා. -Deshaya

පුවත යවන්න