පාස්කු වාර්තාව ගැන කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ කොමිසමේ වාර්තාව පිළිබද සෑහිමකට පත්විය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සදහන් කළේ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අසම්පුර්ණ වාර්තාවක් බවයි.

ජනාධිපති කොමිසම ඔවුන්ට හැකි පරිදි විමර්ශනය සිදුකර ඇති බවත් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයට මුදල් ලබා දුන් සහ මූලික වූ පුද්ගලයින් සම්බන්ධයෙන් නිසියාකාරව සිදුව නොමැති බව ද උන්වහන්සේ අවධානරණය කරයි.

පුවත යවන්න