පාස්කු සතියේ , දේවස්ථාන හා සංචාරක හෝටල් ඇතුළු ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතිය මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් ඇතුළු හඳුනා ගත් තවත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ , මෙම විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙල පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව පාස්කු සතිය පුරා ක්‍රියාතමක කරන බවයි.

මෙම ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අදාළ උපදෙස් සහ නියෝග මේ වන විටත් පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන් වෙත ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න වැඩි දුරටත් සදහන් කළා.

පුවත යවන්න