එක්දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීමේ කටයුතු අද (05) දිනයේ සිදුනොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ශාඛාවල අද දිනයේ අයදුම්පත් භාරගැනීම සිදුනොවන බව සඳහන්ය.
ඊට අමතරව අනෙකුත් සේවා කටයුතු දහවල් 12.30 දක්වා සීමා වන අතර 12.30න් පසු එම සේවාවන් සඳහා අවකාශ හිමිවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ගුවන්තොටුපොළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය මැයි මස 3 වන දින ද මෙලෙසම පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වූ අතර පසුව ඊයේ (04) දිනයේ දී එය නැවත යථා තත්ත්වයට පත්කර තිබුණි.