පැය 6ක විදුලි කප්පාදුවක අවදානමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය කරන ගල් අඟුරු ආනයනය සඳහා රුපියල් බිලියන 55 ක මුදලක් අවශ්‍ය වී තිබීම හේතුවෙන් මෙම මුදල උපයා ගැනීමට මුදල් අමාත්‍යාංශය දැඩි උත්සාහයක් ගනිමින් සිටි.

එම මුදල් සපයා ගැනීමට නොහැකි වුවොත් පැය හයක් ඉක්ම වූ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි බල මන්ඩලය අනතුරු අඟවා තිබේ.

මේ වන විට රුපියල් බිලියන 20ක මුදලක් සොයාගෙන ඇතත් ඉතිරි බිලියන 35 හොයා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇත.

මේ මස අවසන් වීමට පෙර එම මුදල් සොයාගෙන ගල් අඟුරු අානයනය නොකළහොත් දැඩි අර්බුදයකට රට මුහුණ දෙනු ඇති බවද මණ්ඩලය දන්වා තිබේ.

පෙබරවාරි මස මුල් සතිය අවසානයට පෙර ගල් අගුරු නොලදහොත් පැය හයක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවද මණ්ඩලය දැනුම්දී ඇති අතර ඉන් අනතුරුව සැප්තැම්බර් දක්වාම මෙම ක්‍රමය ගමන් කරනු ඇති බවද වාර්තා වෙයි.

පුවත යවන්න