සිය පියා ඝාතනය කළ පුද්ගලයන්ට වෛර නොකරන පරිදි දරුවන් බුදු දහමේ ඉගැන්වීම් අනුව ඇති දැඩි කරන බව පාකිස්ථානයේ සියල්කොට් ප්රදේශයේදී ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර මහතාගේ ,බිරිඳ වන නිලූෂි දිසානායක මහත්මිය පවසනවා.
ඇය මෙම අදහස් පල කළේ ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර මහතා සිහි කරමින් පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති වැඩසටහනකදීයි.
සිද්ධියේ වරදකරුවන්ට නීතිය අනුව කටයුතු කරන ලෙසද පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගෙන් මෙහිදී ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
සියල්කොට් වාණිජ මණ්ඩලය සහ අගමැති ඉම්රාන් ඛාන් ගෙන් මම ඉල්ලා සිටින්නේ මගේ සැමියාට යුක්තිය ඉටු කර වැරදිකරුවන්ට හැකි ඉක්මනින් දඬුවම් දෙන ලෙසයි. මේක පළිගැනීමක් නෙවෙයි.නමුත් අනාගතයේදී මෙය කිසිවෙකුට සිදු නොවිය යුතුයි.
මෙම දුෂ්කර අවස්ථාවෙහිදී මට සහාය වූ සියලුම පකිස්ථාන ජාතිකයින්ට සහ මෙම අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.මම මගේ දරුවන් ඇති දැඩි කරන්නේ තම පියා මරා දැමූ මිනිසුන්ට වෛර කිරීමට නොවේ. .බුදුදහමේ ඉගැන්වීම් අනුව ඔවුන්ට කාරුණික වීමටයි.