පිලපීනයේ දැවැන්තම ගුවන් තොටුපල ව්‍යාපෘතියක් අර්බුධයක

පිලිපීනයේ දැවැන්ත ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියක් චීන සමාගමකට අහිමි කිරීමට පිලිපීන රජය කටයුතු කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙම ව්‍යාපෘතියේ පිරිවැය ඩොලර් බිලියන 10 ක් තරම් දැවැන්ත එකක් වන බවයි.
පිලිපීන ජනාධිපතිවරයා චීනයේ සමීපතමයකු වන තත්ත්වයක් තුල මෙම තත්ත්වය හටගැනීම ගැටලුකාරී බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
මැනිලා බොක්ක ගොඩ කරමින් නිනෝයි ඇක්විනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාරිතාවය ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘතියෙන් සැලසුම් කර තිබුණා.
කැවිට් ආණ්ඩුකාර ජොන්වික් රෙමුල්ලා පැවසුවේ පළාත් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම සමාගම අසමත්වූ බැවින් මෙම ගැටළුව මතුවූ බවයි.
අදාළ සමාගමට අමෙරිකානු සම්බාධක පනවා ඇති බවද එම වාර්තා හෙලිකර තිබෙනවා.

පුවත යවන්න