පිලිපීනයට අයත් ලූසාන් දූපතේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
රිච්ටර් පරිමාණ ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුතු එම භූකම්පනයෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති ආකාරය දක්නට ලැබුණා.
පිලිපීනයේ මැනිලා අගනුවරින් කිලෝමීටර් 400 ක් පමණ දුරින් මෙම භූකම්පනය හටගෙන ඇති අතර එහි ප්‍රබලත්වය මැනිලා අගනුවරට ද දැනුනු බවයි වාර්තා වන්නේ.
වසර ගණනාවකින් පිලිපීනයට බලපෑ ප්‍රබලත්වය වැඩිම භූකම්පනය මෙය වනවා.
ආපදාවට පත් ජනතාවට හැකි ඉක්මනින් සහන ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් උපදෙස් ලබාදී ඇති බව ද සදහන්.