පුංචි ලෝකාන්තයේ දී පුද්ගලයකු අතුරුදන් / සෝදිසි මෙහෙයුම් ඇරඹෙයි

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරයක නිරත පුද්ගලයකු අතුරුදහන් වී තිබෙනවා
මඩොල්සිම පොලිසිය සදහන් කළේ 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව ඇති අතර වර්ෂාව හා දැඩි මීදුම හේතුවෙන් ඔවුන් සිය වාහනයට යළි හැරීවිත් තිබූ බවයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මග්ගොන කලුතර පදිංචි මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු බවයි හෙළිව ඇත්තේ.
මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධව අතුරුදන්වූ තැනැත්තා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පුවත යවන්න