ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම න්‍යෂ්ටික යුද්ධයකට තුඩු දිය හැකි බව කාම්බෝජ අගමැති හුන් සෙන් අනතුරු අඟවා තිබෙනවා.
මෙම වරෙන්තුව ලෝකය තුළ තවදුරටත් බෙදීමක් සිදු කර ඇති අතර, රුසියාව සහ යුක්රේනය අතර දැනටමත් වසරකට වැඩි කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින ගැටුම සමථයකට පත් කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අනතුරේ හෙළීමට ඉඩ ඇති බව ද ඔහු සදහන් කළා.
මෙම වරෙන්තුව වෙනත් ක්ෂේත්රවල ජාත්‍යන්තර ප්රයත්නයන්ට තර්ජනයක් වන අතර දේශගුණික විපර්යාස සහ වසංගත රෝග වැනි ගෝලීය ගැටලු විසඳීමට පවා බලපෑමක් විය හැකි බවයි කාම්බෝජ අගමැති හුන් සෙන් ප්‍රකාශ කළේ.
යම් අවස්ථාවකදී රුසියානු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට තැත් කළහොත් එම පියවර යුරෝපයේ න්‍යෂ්ටික අවි හුවමාරුවක් දක්වා වර්ධනය විය හැකි බවටද අනතුරු අඟවා තිබුණා.
මෙම ගැටලු සාකච්ජා මගින් විසදා ගත යුතු අතර පුද්ගල කිහිපදෙනකුගේ තීරණ මත ඇතිවන ගැටලු ලෝකයේ ගැටලුවක් නොවිය යුතු බවයි දැනුම් දී තිබුණේ.