පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදුදා සිට විවෘතයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලබන සඳුදා සිට සීමිත මහජන සේවාවන් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවල දුරකථන අංක මගින් දින සහ අංක වෙන් කරවා ගැනීම අනිවාර්ය වන අතර  එම පුද්ගලයන්ට පමණක් සේවා ලබා ගත හැකියි.

මේ වන විට ඉල්ලූම්පත් යොමු කර ඇති පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලියාපදිංචි තැපෑල හරහා යොමු කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පු.ලි.දෙ ලබන සදුදා සිට විවෘතයිපහත දැක්වෙන දුරකථන අංක අමතා දිනයක් සහ අංකයක් වෙන්කර ගත යුතු වනවා.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය 01152261126 / 0115226100
දකුණු පළාත් කාර්යාලය 0912228348
වයඹ පළාත් කාර්යාලය 0375554337
උතුරු පළාත් කාර්යාලය 02422272201
නැගෙනහිර පළාත් කාර්යාලය 0652229449

පුවත යවන්න