පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ඇතුලු වීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උඩමලුව පොලිසිය විසින් ගල් වෙඩි දැමීම සඳහා යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් හා සේවා නූලක් සැකකරු සන්තකයේ තිබී සොයාගනු ලැබුවේය.

ඒ, ශ්‍රී මහා බෝධියට සහ පූජා භූමියට ඇතුළු වන ස්ථානයේ පුද්ගලයන් පරික්ෂා කරන ස්ථානයේදී සැකකරු පරික්ෂා කිරීමේදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

 

පුවත යවන්න