පූජිතට හා හේමසිරිට එරෙහිව චෝදනා 800 ක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව නඩු විභාග කිරීම සඳහා චෝදනා 800 කින් සමන්විත තොරතුරු,  නීතිපතිවරයා  කොළඹ මහාධිකරණය වෙත අද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ , ඔවුන් දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ , වෙන වෙනම නඩු විභාග දෙකක් පැවැත්වීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිමිනුයි.

රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු නොතකා හරිමින් ප්‍රහාරයකට ඉඩ සැලසීම මෙන්ම තවත් චෝදනා රැසක් ඔවුනට එරෙහිව ගොනුකර තිබෙනවා.

පුවත යවන්න