පොලව පත්ලේ සති 2ක් සිරව සිටි චීන පතල් කම්කරුවන් 9 ක් බේරා ගනී

පොලවේ මීටර 600 ක් ගැඹුරේ සති 2ක් පුරා සිරව සිටි පතල් කම්කරුවන් 9 දෙනෙකු බේරා ගැනීමට චීනය අද සමත්ව තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ෂැන්ඩොං පළාතේ හුෂාන් රන් ආකරයට පිවිසෙන උමගක් තුල සිදුවූ පිපිරීමකින් පසු මෙම පිරිස එහි සිරව සිටි බවයි.
මෙම පිපිරීම සමග පතල් කම්කරුවන් කණ්ඩායම් දෙකක් පොළව අභ්‍යන්තරයේ සිරව තිබුණා.
ඉන් පළමු කණ්ඩායමේ එක් අයකු මියගොස් තිබූ අතර ඉතිරි දස දෙනාගෙන් නම දෙනකු එක් ස්ථානයක සිරව සිට තිබුණා.
ඔවුන් පිළිබද තොතුරු ලැබීමෙන් පසුව සති දෙකක මෙහෙයුමකින් අනතුරුවයි අද එම පිරිස බේරාගෙන තිබුණේ.
එම කන්ඩායමට අයත් එක් අයකු අතුරුදන්ව සිටිනවා.
බේරාගනු ලැබූ පිරිස ද දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔවුන් ඉහළට ගෙනඒමේදී හිරු එළියට නිරාවරණය නොවීමට ද පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් දෙවන කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනා පිළිබද දින 14 ක් පුරා කිසිදු තොරතුරක් නොපවතින බවයි ෂිංහුවා පවසන්නේ.

Chinese state media said it could take 15 days to reach the miners trapped 600 meters underground.

පුවත යවන්න