කොරෝනා වයිරසයට දින තුනක් දක්වා පොලියෙස්ටර් ඇඳුම් මත රැදී සිටිය හැකි බව අනාවරණ වී තිබෙනවා.
මොන්ට්ෆෝර්ට් විශ්ව විද්‍යාලය සිදුකළ අධ්‍යයනයකට අනුවයි මේ බව අනාවරණවී ඇත්තේ.
කෙසේ වෙතත් නපු ඇඟලුම් මත පැය 24කින් වෛරසය මරණයට පත්වන බවයි පර්යේෂකයන් පවසන්නේ.
අදාළ වර්ගවල රෙදි පෘෂ්ඨ මතට වෛරස අංශූ එක් කරමින් අධයයනය සිදුකර තිබුණා.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය ලෙයාර්ඩ් පවසන්නේ , පොලියෙස්ටර් ඇදුම් බහුලව භාවිත කරන්නන් වෛරසයේ වැඩි අවධානමකට ලක්වන බවයි.
මෙම වෛරස අංශූ රෙදි සෝදන යන්ත්‍රවල සේදීමෙන් පවා අක්‍රිය නොවන අතර අධීක හිරු එළියේ රදවා තැබීමෙන් පමණක් අඩපණ කළ හැකි බවද හෙළිකර තිබුණා.