පොලිස්පති මානව හිමිකම් කඩ කරලා

සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට හා නීතියේ ආදිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීමෙන් පොලිස්පතිවරයා රාජකාරිය කඩකර ඇති බව මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.

මැයි 09 වන දා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරයේ දී සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තම නිර්දේශ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ජනාධිපතිවරයා වෙත මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මෙවැනි ක්‍රියා ඉදිරියට සිදු නොවීමට වග බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සභාපතිවරිය ඉදිරිපත් කල එම නිර්දේශ මගින් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත්තේ.

පුවත යවන්න