පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවන් දෙදෙනෙකු මරුට

සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිස්සමහාරාම,දෙබරවැව ප්‍රදේශයේදී රන් මාල කඩා පලා යන යතුරුපැදියක් පිලිබද තොරතුරු සූරියවැව පොලිසියට ලැබී ඇති අතර ඔවුන් පසු පස හඹායන අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් ගත් අය පොලිසියට වෙඩි තැබූ බවත් පොලිස් නිලධාරින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පොලිස් ජීප් රථය අනතුරට ලක්ව එහි ගමන් ගත් පොලිස් නිලදාරීන් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇති බව සූරියවැව පොලිසිය පවසයි.

සිද්ධිය පිලිබද පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පුවත යවන්න