පොලිස් වෙඩි පහරින් සෞඛ්‍ය ඇමති මියයයි

පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්ව ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඔඩීෂා හි ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යමින් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණපා ඇත.

අදාළ ස්ථානයට ගොස් මෝටර් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේදී සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුගේ පපු ප්‍රදේශයට දෙවරක් වෙඩි තබා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුකළ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවට ද වාර්තාවෙයි.

 

පුවත යවන්න