පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා නම් කර ඇති බව එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ  සාගර කාරියවසම් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සදහායි ධම්මික පෙරේරාගේ නම යෝජනා කර ඇත්තේ. මේ වනවිට ඒ නම මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ධම්මික පෙරේරා ඔහු යටතේ පැවති  සියලූම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පුවත යවන්න