පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ළඟාවීම තවදුරටත් ප්‍රමාදවන බව කමර්ෂල් පොහොර සමාගම පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ජූලි 6 වැනිදා මෙරට ළඟා වීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාදවීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ළඟා වන බවයි.

ඕමානයේ සිට මෙරටට ළඟා වන අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගයක් අඩංගුවේ.

කමර්ෂල් පොහොර සමාගම පැවසුවේ ඉන්දීය ණය පහසුකම යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි.

අදාළ පොහොරවල ගුණාත්මක තත්ත්වය පාර්ශ්ව තුනක් මගින් විමර්ශනයට ලක්කෙරෙන බව ද එම සමාගම පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ, පොහොර තොගය ලද විගස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු හඳුනාගත් ආයතන කිහිපයකින් පොහොර සාම්පල පරීක්ෂා කොට සතියක් තුළ සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, අදාළ පාර්ශ්ව වෙත දැනටමත් දැනුම්දී ඇති බවයි.

පුවත යවන්න