බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක ප්‍රපාතයකට පෙරළෙයි

සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරලී තිඛෙනවා.

අනතුරින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවකයින් පිරිසක් රැගෙන යමින් තිබු බස් රථයකි.

පොලිසිය සැකපළකරන්නේ අධික වේගය හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටය.

අනතුරින් පසුව රියදුරා පැනගොස් ඇති අතර හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත

පුවත යවන්න