බටහිර පර්යන්තයට එන අදානි සමාගමේ ලොක්කා ගැන බ්ලූම්බර්ග් හෙළිකරයි

කොළඹ වරයේ බටහිර පර්යන්තයේ ආයෝජනය සඳහා මේ වන විට ඉදිරිපත්ව සිටින්නේ ඉන්දියාවේ අදානි සමාගමයි.
එහි හිමිකරු වන ගෞතම් අදානි , ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ධනවතුන්ගේ ලයිස්තුවේ මුල් තැනක පසුවනවා.
විශේෂ වාර්තාවක් නිකුත් කරමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ , මෙම වසරේදී තම වත්කම වර්ධනය කර ගැනීම අතින් ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් පෙන්වූ පුද්ගලයා බවට පත්වෙමින් ඊලොන් මස්ක් හා ජෙෆ් බෙසොස් පසුකර යාමටද ගෞතම් අදානි සමත්ව ඇති බවයි.
ඒ 2021 වසරේ මුල් මාස 3 තුල පමණක් සිය ධනය 3 ගුණයකින් වර්ධනය කර ගනිමින් බවයි බ්ලූම්බර්ග් පවසන්නේ.
ඉකුත් දෙසැම්බර් 31 වනදා වන විට ගෞතම් අදානිගේ වත්කම ඩොලර් බිලියන 16ක් වූ බවත් මාර්තු 15 වනදා වන විට වත්කම ඩොලර් බිලියන 51ක් ලෙස 3 ගුණයක් ඉක්මවා තිබූ බවත් එමගින් පෙන්වා දෙනවා.
එය මෙම වසරේ වත්කම් වර්ධන වේගය අතින් ලෝකයේ සුපිරි ධනවතුන් දෙදෙනාට වඩා වැඩි වේගයක් ලෙසයි නම් කර ඇත්තේ.
මේ අතරින් ඩොලර් බිලියන 9ක් ම වරාය පාලනය හරහා හිමිකර ගැනීමට ද ඔහු සමත්ව ඇති බව මෙම වාර්තාවේ සදහන්.
ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක් හිමිකර ගැනීම ද ගෞතම් අදානිගේ වත්කම තවත් වර්ධනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.කෙසේ වෙතත් ඉන්දියාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමේදී අදානි සමාගමේ හිමිකරු හා මුකේෂ් අම්බානිට එරෙහිව ඉන්දීය ගොවීන්ගේ දැඩි විරෝධයක් පළවී තිබුණා.

6sokg6ak

පුවත යවන්න