භාණ්ඩ මිල ඉහළයාමත් සමග සියලුම ආපනශාලා ආහාරවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ බත් පැකට්ටුවක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළට දැමීමට සිදුවන බවය.
ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් හිඟය, විදුලි කප්පාදුව, එළවළු හිඟවීම, පාන්පිටි මිල ඉහළයාම සහ අනෙකුත් ගැටලු හේතුවෙන් නිසැකවම ආපනශාලා ආහාරවල මිල ඉහළයන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“රුපියල් 13 බිත්තරේ දැන් රුපියල් 26යි. රුපියල් 450ට ගත්ත කුකුල් මස් කිලෝ එක 780ත් 810ත් අතර මිලක් වෙලා. රුපියල් 600ට ගත්ත කෑලි මිරිස් කිලෝව 1200යි. මේ භාණ්ඩ මිල වැඩිවීමත් සමග ආපනශාලාවල ආහාර පාන හැදීමේ මිල වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම බත් පැකට් එක, ප්ලේන්ටිය මිල වැඩි වෙනවා. වැඩි මිලට භාණ්ඩ අරගෙන අඩුවෙන් දෙන්න ඒ මිනිහාට ඇඟේ අමාරුව නෑනේ. ව්‍යාපාරයක් කරන්නේ ජීවත් වෙන්න. හෙට අනිද්ද වෙනකොට කඩහිමියෝ දෙතුන්දෙනෙක් එල්ලිලා මැරෙණවා. මොකද කඩ කුලී ගෙවා ගන්න විදියක් නෑ”.