බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බන්ධනාගාරයේ සිට ඔන් ලයින් ක්‍රමය ඔස්සේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවසර හිමිව තිඛෙනවා.
රන්ජන් රාමනායක මහතා සිදුකල ඉල්ලීමක් සලකා බලා මෙම තීරණය ගෙන තිබුණා.
අධිකරණ අමාත්‍යවරයාගේ ද උපදෙස් මෙම මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට ලැප්ටොප් පරිගණකයක් භාවිතයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාල බාහිර උපාධි පාඨමාලා දේශන සඳහා සහභාගි වීමට රන්ජන් රාමනායකට අවසර හිමිවන අතර ඔහු හදාරන විෂය සම්බන්ධ පත පොතලඅතිරේක සටහන් ආදියද බාහිර පාර්ශවයන්ගෙන් ගෙන්වා ගැනීමට ද මේ යටතේ අවසර හිමිවෙයි.