උතුරු කොරියාව සමග සාකච්ජා සිදුකිරීම සඳහා නව අමෙරිකානු පරිපාලනය විසින් දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ ,පසුගිය පෙබරවාරි මාසයේ සිට විවිධ අංශ ඔස්සේ අප්රකටව ,සාකච්ජා සඳහා උතුරු කොරියාව සම්බන්ධ කර ගැනීමට අමෙරිකාව උත්සාහ දැරූ බවයි.
එම කිසිදු ඇරයුමක් වෙනුවෙන් උතුරු කොරියානු නායකයා ප්‍රතිචාර නොදක්වා තිබීම විශේෂත්වයක්.
අවදානම් මට්ටම අවම කිරීම සඳහායි අමෙරිකාව මෙම සාකච්ජා සඳහා උත්සාහ දරා ඇත්තේ.
කෙසේ වෙතත් රොකට් මෑන් ලෙස අමෙරිකානු ජනපති විසින් නම් කළ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ආමෙරිකාව සමග සාකච්ජා නොකිරීමේ අවසන් තීරණයකටයි එළඹ ඇත්තේ.
මේ අතර උතුරු කොරියාවේ විශේෂිත කලාපයක ක්‍රියාකාරීත්වය හඳුනාගෙන ඇති අතර අමෙරිකානු බුද්ධි අංශ එය නම් කර ඇත්තේ නවතම න්‍යෂ්ඨික අවි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙසයි.