බලපත්‍රලාභී බැංකුවලින් ශ්‍රී ලංකා රුපියල ”අවප්‍රමාණය” කරන ලෙස ඉල්ලා නැහැ – මහ බැංකුව

බලපත්‍රලාභී බැංකු වලට වහාම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට පණිවිඩ හුවමාරු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර තිබේ.

කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

සමාජ හා සාම්ප්‍රදායික මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරු මත රඳා නොසිටින ලෙස ද මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ඕනෑම නිල නිවේදනයක් අධිපතිවරයා , නියෝජ්‍ය අධිපතිවරයා හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වෙනත් ඕනෑම බලයලත් නිලධාරියෙකු ගේ නම සහ තනතුරු මගින් හදුනාගත හැකිවන පරිදි නිකුත් කරනු ලැබේ.

පුවත යවන්න