බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සැමියා වූ පිළිප් කුමරු මිය යයි

බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වනවිට එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ වයස අවුරුදු 99 ක්.
1921 වසරේ ජුනි 10 වැනිදා පිලිප් කුමරු උපත ලබා තිබුණේ ග්‍රීසී සහ ඩෙන්මාර්ක් ඇන්ඩෘ කුමරුගේ එකම පුතු ලෙසයි.
1947 වසරේදී එළිසබෙත් රැජිණ සමග විවාහ වීමත් සමග පිලිප් කුමරු එඩින්බරෝ ආදිපාදවරයා බවට පත් වුණා.
පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමටයි පිලිප් කුමරුට සිදුව තිබුණේ.

පුවත යවන්න