“බූස්ටර්” එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවධානය – හමුදාපති

කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාව ද මෙරට ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිඛෙනවා.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව අදාළ තුන්වන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් ඉල්ලුම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි හමුදාපතිවරයා පැවසුවේ.

මේ වන විට මෙරට ජනගහනයෙන් සියයට 93කට පළමු මාත්‍රාව ද දෙවන මාත්‍රාව ජනගහනයෙන් සියයට 23කට ද ලබා දී ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.

පුවත යවන්න