බොදු බල සේනා හා තවුහිද් සංවිධාන තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව අන්තවාදයට සහාය දැක්වූ සංවිධාන කිහිපයක් තහනම් කිරීමට නිර්දේශ කර ඇතැයි වාර්තාවනවා.

බොදු බල සේනා සංවිධානය ද ඊට නිර්දේශ කර ඇති බව සදහන්.

එමෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව  කොමිසන් සභාවේ තවත් නිර්දේශයක් ලෙස දක්වා තිබෙනවා.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් .

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කළයුතු බවට සඳහන්වීම සම්බන්ධයෙන් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා.

උන්වහ්නසේ පැවසුවේ සත්‍ය හෙළිකිරීම වරදක් නම් ඊට එරෙහිව එල්ලවන චෝදනාවන්ට මුහුණදීමට සූදානම් බවයි.

පුවත යවන්න