බෝම්බ ප්‍රහාරයකට ලක්වූ මොහොමඩ් නෂීඩ් අසාධ්‍ය තත්ත්වයේ

බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට වාර්තා පවසනවා.
පිපිරීමෙන් නෂීඩ් මහතාගේ හිසට, පපුවට, උදරයට හා අත් පා වලට බරපතල හානි සිදුව ඇති බවයි ආදළ වාර්තා පවසන්නේ.
පැය 16ක කාලයක් පුරා ඔහු සැත්කම්වලට ලක්කර ඇති අතර එහෙත් මේ වන විට ඔහුගේ තත්ත්වය බරපතල බව හෙළිකර තිබෙනවා.
මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් ප්‍රකාශ කළේ පිපිරීම පිළිබඳ විමර්ශනයට සහාය වීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කණ්ඩායමක් තම රටට පැමිණීමට නියමිත බවයි.
කථානායකවරයා ඝාතනයට තැත් කළ පිරිසට දැඩි දඩුවම් දෙන බවද ඔහු සදහන් කළා.
මෙය අයිසීස් සංවිධානයේ ප්‍රහාරයක් බවයි මේ වන විට හෙළිව ඇත්තේ.

පුවත යවන්න