විදේශයක සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන කුඩු අංජු, නැමැත්තාගේ දේපළ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයට පවරාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රත්මලාන, මොරටුමුල්ල ප්‍රදේශයේදී අදාළ පවරාගැනීම් සිදුකර තිබුණා.
එහිදී නිවාස දෙකක්, රත්රන් තොගයක්, කුඩා ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද පවරා ගැණුනා.
පොලීසිය පැවසුවේ එම දේපළවල වටිනාකම රුපියල් කෝටි තුනට අධික වන අතර එම දේපළ ,කුඩු අංජු නැමැත්තාගේ බිරිඳගේ නමින් පවතින බවයි.
එම පුද්ගලයා 2018 වසරෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදා අදාළ වත්කම් මිලදීගෙන ඇති බවද හෙළිකර තිබෙනවා.