මත්කුඩු රජෙකු වන කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේ දී අල්ලයි

ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කර තිබූ ජාත්‍යන්තර රතු වරෙන්තුවකට අනුව ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ මෙම අපරාධ කල්ලි නායකයාගේ පුත්‍රයා ද අත්අඩංගුවට පත්වූ පිරිසට ඇතුලත් බවයි.
ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධානතම ජාවාරම්කරුවකු වන කිඹුලාඇලේ ගුණා 2008 වසරේදී ඉන්දියාවට පැන ගොස් තිබුණා.
මෙවන් ප්‍රධාන මට්ටමේ ජාවාරම්කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම් ජාත්‍යන්තර මට්ටමින් සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පුවත යවන්න