මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහනවලට අලුත් බද්දක්

2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබේ.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“දැනට මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු, වාහන මත අය කරන බදු වර්ග ගණනාවක් තිබීම හේතුවෙන් බදු අයකරන්නන්ට වගේම බදු ගෙවන්නන්ටත් ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල වෙනුවට අයවැයේ දී ඉදිරිපත් කළ යෝජනාව පදනම් කරගෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට අවසරය හිමිවුණා. ඒ අනුව මේ පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.”

පුවත යවන්න