මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමිවුණා.
ඒ අද පොසොන් පෝ දා සිරකරුවන් පිරිසකට නිදහස ලබාදීමට සමගාමීවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ලද චෝදනාවලට අනුවයි දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියමවී සිටියේ. අද දින ජනාධිපති සමාව ලැබීමත් සමග දුමින්ද සිල්වා මහතා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිතයි.
කොළඹ මහාධිකරණය මගින් දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියම කෙරුණේ 2016 වසරේ සැප්තැම්බර් 6 වනදායි.