පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් මල්වාන නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබේ.
ගම්පහ මහාධිකරණය විසින් අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා මෙලෙස ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.