මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මීට අදාළ නිල නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇති බවයි දැනුම් දී තිබුණේ.

නියෝජ්‍ය කතානායකවරයා අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවා තිබෙනවා.

පුවත යවන්න