මහජන උද්ඝෝෂණවලට සහාය දෙනවා / අනුර කුමාර දිසානායක

ජනපති ධුරයෙන් ඉවත් වන තුරු ජාතික ජන බලවේගය මහජන උද්ඝෝෂණවලට සහය ලබා දෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර මහතා පැවසුවේ, ඊට අමතරව ජාතික ජන බලවේගය ද වෙනම උද්ඝෝෂණ සංවිධානය කරන බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ඉවත් නොවන බවට ආණ්ඩුව ගෙන ඇති තීරණයට අනුව පාරට බැස සිටින ජනතාවගේ මූලික සටන් පාඨවලට සවන් දීමට ආණ්ඩුවේ සූදානමක් නොමැති බව පෙනී යන බවයි.

පුවත යවන්න