උසස් පෙල විභාගය පැවත්වෙන කාල සීමාව තුලදී විදුලි කප්පාදුවක් සිදු කළහොත් ඒ පිළිබඳ ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී නොමැති බවයි.
ඒ අනුව අදාළ පැමිණිලි 077 56 87 387 වට්ස්ඇප් අංකය 0112 39 26 41 ෆැක්ස් අංකය මගින් හෝ consumers@pucsl.gov.lk ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කලේය.