මහ මඟ වැටී සිට රෝහල්ගත කළ පසු මියගිය අයකුට කොරෝනා

මහ මඟ ඇද වැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය අයකු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව – බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර සුළු මොහොතකින් මරණයට පත්ව තිබුණා.

පුවත යවන්න