මාස 3ක් පුරා විදුලිය කපන්න අවසර ඉල්ලයි / ජනතාවට පණිවිඩයක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත නොකළහොත් ඉදිරි මාස 03 තුළ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙරට මාර්ගවල ඇති රාත්‍රී විදුලි පහන් ලක්ෂ 5ක ප්‍රමාණයෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් නිවා දැමිය යුතු බවය.

“ඉදිරි මාස 3ක විදුලි කප්පාදුවකට අවසරය ඉල්ලා සිටියා. විදුලි පරිභෝජනය අවම කර සහාය ලබාදෙන්න. නැත්නම් විදුලි කප්පාදුවකට අවසර දියයුතු වනවා. ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය නම් මහජන උපයෝගීතා කොමිසම නැවත දැනුම්දෙන තුරු විදුලි පාරිභෝගිකයන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලි උඳුන්, හීටර, රෙදි සෝදන යන්ත්‍ර, වායුසමීකරණ භාවිත කිරීමෙන් බැහැර වෙන්න. මෙරට විදී ලාම්පු ලක්ෂ 5ක ප්‍රමාණය එක් රාත්‍රියකට දැල්වීමට මෙගාවොට් 50ක් යනවා. මෙය 80%ක් දක්වා පහත හෙළිය යුතුයි. ව්‍යාපාරික ස්ථානවල වායුසමන යන්ත්‍ර පැය 4ක කාලයක් ජෙනරේටර් මගින් බලගන්වන්න. රාත්‍රියේ නාමපුවරු, නියෝන් ලයිට්ස්, එළිවෙන තුරු දැල්වෙන පහන් සියල්ල නිවා දමන්න.”

පුවත යවන්න