මාස හයෙන් උපන් බිලිදාගේ ජීවිතය රැකෙයි

යාපනයේ, පේදුරුතුඩුව ප්‍රදේශයේ ගැබිනි මවකගේ මාස හයක අඩු වයස් බිලිඳකුගේ ජීවිතය බේරා දෙමින් යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ කාර්ය මණ්ඩලය තවත් වික්‍රමයක් පා තිබේ.

මාස හයක ගැබිනි කාන්තාව හදිසියේම අසනීප වී යාපනය, පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතළ නිසා යාපනය ශික්‍ෂණ රෝහල වෙත මාරු කොට එවා තිබේ.

ගැබිනි කාන්තාව ප්‍රසූත කළ බිලිදා ග්‍රෑම් 600කටත් වඩා අඩු බරකින් යුතු වූ අතර සති 24කට අඩු වයස් බිලිඳකු නිසා යාපනය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි ප්‍රශ්නයකට මුහුණදී තිබේ.

නමුත් ඔවුන්ගේ කැපවීම මත දරුවාත්, මවත් බේරාදීමට හැකියාව ලැබී ඇති අතර යාපනයේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රසාදය පළකොට තිබේ.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ

පුවත යවන්න