විදේශ විනිමය හිඟය මත පවතින ආර්ථික ගැටළු හරහා ශ්‍රී ලංකාව මාස දෙකකින් පමණ ඖෂධ හිඟයකට මුහුණ දීමට ඉඩ පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.සමන් කුසුම්සිරි රත්නායක මහතා කියා සිටියේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනය කළ යුතු ඖෂධවල ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බවයි.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් වටිනා ඖෂධ තොග හතරක් සඳහා ණයවර ලිපි දැනටමත් විවෘත කර ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් වටිනා තවත් ඖෂධ තොග සඳහා ණයවර ලිපි විවෘත කරන ලෙස රාජ්‍ය බැංකු දෙකකට දැනුම් දී තිබෙනවා.
මේ වන විට ඖෂධ හිඟයක් නොමැති වුවද විදේශ විනිමය අර්බුදය හමුවේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දී තිබුණා.
අප මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර අනාගතයේදී එවැනි අඩුපාඩුවක් වළක්වා ගැනීමට අදාළ සියලු පියවර ගනිමින් සිටිමු
කෙසේ වෙතත්, නියමිත කාලය තුළ අදාළ ඖෂධ සඳහා වන පියවර නොගතහොත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට පත්විය හැකි බවට වෛද්‍ය රත්නායක මහතා අනතුරු අඟවා සිටියා.