මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිඛෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ මැතිවරණ ආචාරධර්ම කඩකරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමට නීතිමට හැකියාවක් මෙතෙක් නොමැති බවයි.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ බවයි සභාපතිවරයා සදහන් කළේ.
ඒ අනුව ආචාරධර්ම කඩකිරීම මැතිවරණ වරදක් ලෙස සැලකුවහොත් ආසන නියෝජිතත්වය සහ මන්ත්‍රීධුරය අහිමි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.