මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම් මොහොමඩ්ට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් ඊයේ (27) රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී දිවාරත්නටද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට එම කොමසාරිස්වරුන් දෙදෙනාට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී. පතිරණට පසුගිය 18 වැනිදාද තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමකදියි ඊයේ රාත්රියේදී එම කොමිෂන් සභාවේ තවත් සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ්ටද මෙලෙස සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇත.
එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ලවු එස්.බී දිවාරත්නටද ඊයේ රාත්‍රියේ යළිත් වරක් දුරකථන ඇමතුම් පැමිණ තිබු නමුත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා විය.
පසුව වට්ස්ඇප් තාක්ෂණ ඔස්සේ එවන ලද පණිවුඩයක් හරහා ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස යළිත් මරණ තර්ජන එල්ල කර තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳව ඔවුන් දෙදෙනා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇත.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සාමාජිකයින්ගේ නිවෙස් වෙත ගොස් ප්‍රකාශ ලබා ගෙන විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.