මිනුවන්ගොඩ මංගල්‍යයක කොරෝනා පැටව් ගහලා – ආසාදිතයන් 62 ක්

මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ආසාදිතවූවන් අතර මනාළයා ද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නොමැති බවයි තහවුරුව ඇත්තේ.

විවාහ උත්සවයට සහභාගි වූ තුන්සියක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මනමාලියගේ පාර්ශ්වයෙන් විවාහ උළෙලට සහභාගි වූ අයගේ PCR  ප්‍රතිඵල අද ලැබීමට නියමිත බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසන්නේ.

පුවත යවන්න