මියන්මාරයට අත දාන්න එපා / චීනය බටහිරට අනතුරු අඟවයි

මියන්මාරයේ අභ්‍යන්තර තත්ත්වයන්ට මැදිහත්වීමෙන් වළකින්නැයි චීන අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට දන්වා තිබෙනවා.
ඒ මියන්මාර හමුදා කුමන්ත්‍රණය අත්හිටුවා වහාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසෙන්නැයි අමෙරිකාව ඇතුලු රටවල් මියන්මාරයට බලපෑම් කිරීමෙන් පසුවයි.
ඊට ප්‍රතිචාර දක්වන චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන්නේ, මියන්මාරයේ විශාලතම වෙළඳ හවුල්කරුවා සහ සමීප අසල්වැසියා වන චීනයෙන් මියන්මාරය දුරස් කිරීමට බටහිර රටවල් උත්සාහ දරන බවයි.
මියන්මාරයේ පවතින්නේ අභ්‍යන්තර ගැටලුවක් බවත් එය ඔවුන් විසින්ම විසදා ගනු ඇති බවත් එමගින් පෙන්වා දී තිබුණා.
මේ අතර මියන්මාරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිටද දින ගණනාවක් පුරා විරෝධතා ක්‍රියාත්මක අතර ඔවුන් ඉල්ලා සිටින්නේ හමුදා පාලනයට නොව මියන්මාර ජනතාවට සහාය දක්වන ලෙසයි.
කෙසේ වෙතත් බාහිර මැදිහත්වීමකින් තොරව මියන්මාරය ගැටළු විසදා ගනු ඇති බවයි චීනය අවධාරණය කර ඇත්තේ.

පුවත යවන්න