මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවයේ නිරත වන එරට ජනතාව චීන විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මෙම හමුදා කුමන්ත්‍රණයට චීනය සම්බන්ධ බවට චෝදනා කරමිනුයි.
ඒ අනුව මියන්මාරයේ ක්‍රියාත්මක චීන ව්‍යාපාර හා ආයෝජන ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ද මතුව ඇති බවයි නික්කේ ඒෂියා වෙබ් අඩවිය පැවසුවේ.
මේ වන විටත් එවන් මතවාදයක් මියන්මාරයේ වේගයෙන් පැතිරයාම ඊට හේතුවයි.
විරෝධතාකරුවන් එරට චීන තානාපති කාර්යාලය ඉදිරිපිට දී මේ සම්බන්ධ විරෝධතාවයක්ද පවත්නා තිබුණා.