මියන්මාරයේ තානාපතිට බ්‍රිතාන්‍යයෙන් හදිසි කැදවීමක්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා මියන්මාර තානාපතිවරයා හදිසියේ කැදවූ බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙහිදී මියන්මාරයේ තත්ත්වය පිළිබද තම රටේ දැඩි කනස්සල්ල පළ කළ බවයි.
නීත්‍යානුකූල ලෙස ජනතාව පත් කරගත් රජයක් හමුදා පාලනයක් මගින් පෙරලා දැමීම ලෝකයේ කිසිදු ස්ථානයකදී සිදු නොවිය යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ.
ඉදිරියේ දී මියන්මාරය සමග සබදතා පවත්වාගෙන යාමට මෙම තත්ත්වය බලපෑම් එල්ල කළ හැකි බව ද එහිදී අවදාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් නතර කිරීමේ සූදානමක් නොමැති බවයි එමගින් දන්වා ඇත්තේ.

පුවත යවන්න